යුක්‍රේනයේ අම‍ෙරිකානු සෙබළුන් ඉවත්කිරිමේ සූදානමක්

යුක්‍රේනයේ සිටින අම‍ෙරිකානු හමුදා සෙබළුන් ඉවත් කර ගැනීමට අමෙරිකානු ජනපතිගේ සූදානමක්

by Staff writer 20-08-2025 | 12:58 PM

COLOMBO (News 1st) - යුක්‍රේනයේ සිටින අම‍ෙරිකානු හමුදා සෙබළුන් ඉවත් කර ගන්නා බව අම‍ෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.

ඒ FOX NEWS සමග පැවති සම්මුඛ සාකච්ඡාවක් අතරතුරයි.

ඔහු පවසා තිබෙන්නේ යුක්‍රේනයට තමා ලබා දෙන බවට පොරොන්දු වූ ආරක්ෂාව,පාබල හමුදා සෙබළුන් මගින් නොව ගුවන්හමුදා මගින් ලබා දීමට තමා සූදානම් බවයි.

අනෙක් යුරෝපීය රටවල්, එම ආරක්ෂාව ,හමුදා සෙබළුන් යුක්රේනයට යැවීමෙන් ලබා දෙනු ඇති බවද ඔහු පවසා තිබුණි.