.webp)
ඒ ස්ථාන මාරුවීම් ලැබූ තම සාමාජිකයින් පස් දෙනෙකුට රෝහලේ පැමිණිමේ ලේඛනයේ අත්සන් කිරීමට රෝහල් අධ්‍යක්ෂවරයා ඉඩ නොදීමට විරෝධය පළ කරමින් ය.
පරිපූරක වෛද්‍ය වෘත්තිකයින්ගේ ඒකාබද්ධ බල මණ්ඩලයේ ප්‍රධාන ලේකම් චානක ධර්මවික්‍රම මහතා සඳහන් කළේ, ස්ථාන මාරු ලබා දීමෙන් පැය 24 රාජකාරිය සිදු කිරීමට බාධා මතුව ඇති බවයි.
මේ පිළිබඳව ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඩී.එල් වනිගරත්න මහතාගෙන් විමසීමක් කළ අතර ඔහු සඳහන් කළේ බස්නාහිර පළාත් සභාවෙන් යොමු කළ ස්ථාන මාරු ලේඛනය තමා විසින් ක්‍රියාත්මක කළ බවයි.
වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන්ට වන අපහසුතා මග හැරවීමට උපරිමයෙන් කටයුතු කරමින් සිටින බව ඔහු ප්‍රකාශ කළේ ය.