.webp)
පොලීසිය පැවසුවේ, අද(19) පෙරවරුවේ මත්ස්‍ය වෙළෙඳපොළේ සේවකයෙකු යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී කිසියම් අයෙකු වෙඩි තැබීම සිදුකර ඇති බවයි.
වෙඩි තැබීමෙන් තුවාල ලැබු අදාල පුද්ගලයා ප්‍රතිකාර සඳහා ජාතික රෝහලට ඇතුලත් කර තිබේ.
එලෙස තුවාල ලබා ඇත්තේ, කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙකි.
වෙඩි තැබීමෙන් මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුද තුවාල ලබා ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.
පොලීසිය පැවසුවේ, ඔහුද මේ වන විට රෝහල් ගතකර ඇති බවයි.
වෙඩි තැබීම සඳහා T56 ගිනි අවියක් උපයෝගී කරගන්නට ඇතැයි සැක පළ කරන අතර පොලීසිය ප්‍රකාශ කළේ, සංවිධානාත්මක අපරාධ කල්ලි දෙකක් අතර දීර්ඝ කාලීනව පවතින ගැටුමක ප්‍රථිපලයක් ලෙස මත්ස්‍ය වෙළදපොලේ සේවකයා ඉලක්ක කර වෙඩි තැබීම සිදුව ඇතැයි, මෙතෙක් කරන ලද විමර්ශන වලදී අනාවරණය වූ බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් කණ්ඩායම් කිහිපයක් විමර්ශන ආරම්භ කර ඇතැයි, පොලීසිය ප්‍රකාශ කළේ ය.