තුසිත හල්ඔලුව අත්අඩංගුවට

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ තුසිත හල්ඔලුව මහතා අත්අඩගුවට

by Staff writer 19-08-2025 | 9:24 AM

COLOMBO (News 1st) - ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ තුසිත හල්ඔලුව මහතා අද(19) අළුයම අත්අඩගුවට ගෙන තිබේ.

ඒ, ඔහුගේ වාහනයට පහරදීම සහ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන විමර්ශනයට අදාළවයි.

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයෙකු වන තුසිත හල්ඔලුව මහතාට ඊයේ(18) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසින් විවෘත වරෙන්තුවක්ද නිකුත් කළේ කොළඹ අපරාධ කොට්ඨාසය විසින් කරනු ලැබූ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි.

මේ වන විට මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් හයදෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර තිබේ.

පොලීසිය පැවසුවේ තුසිත හල්ඔලුව මහතාට  විදෙස් ගමන් තහනමක් ද පනවා ඇති බවයි.