වසර ගණනකට පසු ශ්‍රී ලංකාවට ලැබුණු සංචාරක ආකර්ශනය..

වසර ගණනකට පසු ශ්‍රී ලංකාවට ලැබුණු සංචාරක ආකර්ශනය....

by Staff writer 18-08-2025 | 7:19 PM

COLOMBO (News 1st) - මෙම වසරේ ජනවාරි මස සිට මේ වනවිට සංචාරකයින් මිලියින 1.5 ක සීමාව පසු කිරීමට සමත්ව තිබේ.

එය පසුගිය වසරට සාපේක්ෂව ඉහළ ප්‍රතිඵලයක්.

මෙම වසරේ බොහෝ මාසවල විදේශිකයින්ගේ පැමිණීම 10-22% සාධනීය වර්ධනයක් පෙන්නුම් කරමින් ආසියේ ප්‍රබල ගමනාන්තයක් බවට පත්ව ඇත.

අගොස්තුවේ පමණක් මේ වනවිට දින 17ක් තුළ  විදෙස්  සංචාරකයින් 129,226 පැමිණ සිටින අතර එය පසුගිය වසරේ මෙම කාලයට සාපේක්ෂව 20,000ක වැඩිවීමක්.


වැඩිම සංචරක පිරිස කුමන රටවලින් ද?

ඉහළම සචාරකයින් රැගත් රටවල් 
🔹 Top 5 Countries:
1️⃣  ඉන්දියාව– 307,502
2️⃣ එක්සත් රාජධානිය – 145,448
3️⃣ රුසියාව – 117,681
4️⃣ ජර්මනිය – 92,841
5️⃣ චීනය  – 87,207

➡️ මෙම ප්‍රධාන රටවල් අතරට සංචරකයින් 750,000 ක් ඇතුළත්වන අතර එය මෙම වසර තුළ මෙරටට පැමිණි සංචාරකයින්ගෙන් හරි අඩක්.

යුරෝපියානුවන්ගේ ආකර්ෂණය නැවතත්...

මෙම වසරේ මෙරටට පැමිණි විදේශිකයින්...
එක්සත් රාජධානිය - 145,448
ජර්මනිය - 92,841
ප්‍රංශය - 80,667
නෙදර්ලන්තය - 46,120
ඉතාලිය - 34,047
පෝලන්තය - 31,883
ස්පාඥ්ඥය - 26,522
ස්විට්සර්ලන්තය - 21,703
බෙල්ජියම - 14,710

ජපානය (23,057), කැනඩාව (32,292) හා අමෙරිකාව (42,137) ඉහළ සංචාරක ආකර්ශණයක් ලැබීමත් විශේෂත්වයක් වේ.