.webp)
ඒ, අමෙරිකානු ජනපතිගේ ආරාධනයකට අනුවයි.
රුසියානු ජනපති සමග පැවැත්වූ සමුළුව අවසන් වී ට්‍රම්ප් ජනපති වොෂින්ටන් බලා යන අතරමග යුක්‍රේන ජනපති සමග දීර්ඝ දුරකථන සංවාදයක් සිදුකර තිබේ.
එම සංවාදය ආරම්භ කර මද වේලාවකින් ඊට බ්‍රිතාන්‍ය අගමැති කීර් ස්ටාර්මර්, ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්, ඉතාලි අගමැති ජෝර්ජියා මෙලෝනි, ජර්මන් චාන්සලර් ෆ්‍රෙඩ්රික් මර්ස්, පෝලන්ත ජනාධිපති කැරොල් නව්රොකි, ෆින්ලන්ත ජනාධිපති ඇලෙක්සැන්ඩර් ස්ටබ්, නේටෝ මහලේකම් මාර්ක් රූට් සහ යුරෝපීය කොමිසමේ සභාපති උර්සුලා වොන්ඩර් ලේයන් සම්බන්ධ වී තිබේ.