නව පොලිස්පති, අද ධුරයේ වැඩ අරඹයි.

නව පොලිස්පති, අද ධුරයේ වැඩ අරඹයි.

by Staff writer 14-08-2025 | 7:00 AM

COLOMBO (News 1st) - නව පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා සිය ධුරයේ වැඩ බාර ගැනීම අද(14) උදෑසන කොළඹ 02 පොලිස් මූලස්ථානයේදී සිදු වේ.

පොලිස් උත්තමාචාරය මධ්‍යයේ ඔහු වැඩ බාර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී F.U වුට්ලර් මහතා සඳහන් කළේ ය.

නීතිඥ ප්‍රියන්ත වීරසුරිය මහතා ශ්‍රී ලංකා පොලීසියේ 37 වැනි පොලිස්පතිවරයායි.

නීතිඥ ප්‍රියන්ත වීරසුරිය මහතා, පොලිස් කොස්තාපල් , උප පොලිස් පරික්ෂක සහ සහකාර පොලිස් අධිකාරි ධුරවල සේවය කරමින්, පොලිස්පති ධුරයට පත් වූ පළමු පොලිස්පතිවරයා ලෙස ඉතිහාසයට එක්වේ.