.webp)
පොලීසිය පැවසුවේ සැකකරු රත්නපුර, ගොඩිගමුව ප්‍රදේශයේ සැඟව සිටියදී ඊයේ(11) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බවයි.
පානදුර ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීම් කිහිපයකට සම්බන්ධ සැකකරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන රත්නපුර පොලීසියට භාරදීමෙන් පසුව පසුගිය 30 වැනිදා උදෑසන 7.00ට පමණ සැකකරු පලා ගොස් තිබුණි.
පොලිසීය පැවසුවේ, එම සිද්ධිය සම්බන්ධයෙන් රත්නපුර පොලීසියේ සැරයන්වරුන් දෙදෙනෙකුගේ ද වැඩ තහනම් කර ඇති බවයි.
සුරංග උපසංක නමැති සැකකරු රත්නපුර පොලිස් සිර මැදිරියේ සිටියදි වැසිකිළි යාමට අවශ්‍ය බව පවසා ඇති අතර සිර මැදිරියේ දොර විවෘත කළ අවස්ථාවේදී පොලිස් නිලධාරීන්ගෙන් මිදී ඔහු පලා ගියේය.
මේ අතර පොලිසිය පැවසුවේ පලාගිය සැකකරුට සැඟව සිටීම සඳහා ආධාර අනුබල දුන් පුද්ගලයෙකු ද මිද්දෙණිය ප්‍රදේශයේ අත්අඩංගුවට ගෙන ඇති බවයි.