.webp)
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා මහතා විසින් ගොනුකරනු ලැබූ පෙත්සමේ වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම්කර ඇත.
පෙත්සමෙන් කියා සිටින්නේ හිටපු ජනාධිපතිවරුන්ට නීතියෙන් හිමිවී තිබෙන හිමිකම් අවලංගු කිරීම සඳහා රජය විසින් පනත් කෙටුම්පතක් ඉකුත් 07 වැනිදා පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කර ඇති බවයි.
යෝජිත පනත් කෙටුම්පතේ 01 සිට 04 දක්වා වගන්තිවලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන බලය බෙදීමේ සිද්ධාන්තය උල්ලංඝණය වීමක් සිදුවන බව පෙත්සමෙන් පෙන්වා දී තිබේ.
එමෙන්ම පනත් කෙටුම්පතේ අන්තර්ගත වගන්ති තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන ස්වෛරී භාවය සහ ජනතා පරමාධිපත්‍යය උල්ලංඝණය කිරීමක් සිදුවන බවද එහි සඳහන්.
යෝජිත පනත් කෙටුම්පතේ වගන්ති හේතුවෙන් සමස්ථ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් මූලික හරයන් උල්ලංඝණය වීමක් සිදුවන බව එහි වැඩිදුරටක් පෙන්වාදී ඇත.
පෙත්සම්කරු ඉල්ලා සිටින්නේ, අදාළ පනත් කෙටුම්පතේ ප්‍රශ්නගත වගන්ති සම්මත කිරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින්ද එය අනුමත විය යුතු බවට නිගමනයක් නිකුත් කරන ලෙසයි.