උ.පෙළ සඳහා අයැදුම් කිරීමේ කාලය අද රාත්‍රී12ට අවසන්

උ.පෙළ සඳහා අයැදුම් කිරීමේ කාලය අද රාත්‍රී 12ට අවසන්

by Staff writer 12-08-2025 | 9:40 AM

COLOMBO (News 1st) - 2025 අ.පො.ස. (උ.පෙළ) විභාගය සඳහා අයැදුම් කිරීමට ලබා දී තිබූ කාලය අද මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වීමට නියමිතව තිබේ.

අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ, අද(12) දිනයෙත් මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් ඉදිරිපත් කල හැකි බවයි.

ලබන නොවැම්බර් 10 සිට දෙසැම්බර් 05 දක්වා 2025 උසස් පෙළ විභාගය පැවැත්වීමට  නියමිතව තිබේ.