ශිෂ්‍යත්ව විභාගයේ පූර්ව ඇගයීම් කටයුතු අද ඇරඹෙයි

ශිෂ්‍යත්ව විභාගයේ පූර්ව ඇගයීම් කටයුතු අද ඇරඹෙයි..-විභාග දෙපාර්තමේන්තුව

by Staff writer 11-08-2025 | 7:26 AM

COLOMBO (News 1st) - පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පූර්ව ඇගයීම් කටයුතු අද ආරම්භ වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ මහත්මිය පැවසුවේ, සියලු උපදෙස් රැස්වීම් පවත්වා අවසන් කර ලබන 22 වැනිදා සිට 27 දක්වා දින 6 ක් මධ්‍යස්ථාන 43 කදී ඇගයීම් ක්‍රියාවලිය සිදුකෙරෙන බවයි.

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඊයේ පැවැත්විණ.

මධ්‍යස්ථාන 2787 කදී පැවැති විභාගයට සුදුසුකම් ලබා සිටි සිසුන් සංඛ්‍යාව, තුන් ලක්ෂ 7951 කි.

විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ මහත්මිය පැවසුවේ, ලබන මස 20 වැනිදාට පෙර ප්‍රතිඵල නිකුත් කිරීමට අපේක්ෂා කරන බවයි.