පොලීසියෙන් පලාගිය අයෙකුට උදව් කළ අයෙක් කොටු..

පොලීසියෙන් පලාගිය සැකකරුවෙකුට සැඟවීමට උදව් කළ අයෙක් කොටු..

by Staff writer 11-08-2025 | 9:53 AM

COLOMBO (News 1st) - රත්නපුර පොලීසිය භාරයේ සිටියදී පලාගිය සැකකරුට සැඟව සිටීම සඳහා ආධාර අනුබල දුන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, මිද්දෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

පානදුර ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීම් කිහිපයකට සම්බන්ධ සැකකරුවෙකු රත්නපුර පොලීසියේ අත්අඩංගුවේ සිටියදී පසුගියදා පලායාම පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කළේ ය.

පොලිසීය පැවසුවේ, එම සිද්ධිය සම්බන්ධයෙන් රත්නපුර පොලීසියේ සැරයන්වරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර ඇති බවයි.

සැකකරු අපරාධ කිහිපයකට සම්බන්ධ බවට චෝදනා එල්ල වීම හේතුවෙන  ඔහු රත්නපුර ප්‍රදේශයේ සැඟව සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පසුගිය 29 වැනිදා අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා රත්නපුර පොලිසියට භාරදී තිබුණි.