කළුතර ප්‍රාදේශීය සභාවේ දෙදෙනෙකු රිමාන්ඩ්

කෝටි ගණනක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් කළුතර ප්‍රාදේශීය සභාවේ දෙදෙනෙකු රිමාන්ඩ්

by Staff writer 09-08-2025 | 9:28 AM

COLOMBO (News 1st) – මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කළුතර ප්‍රාදේශීය සභාවේ සේවක වැටුප් භාර නිළධාරීනිය හා රියැදුරෙකු ලබන 22 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

පොලීසිය පැවසුවේ, ඊයේ(09) පස්වරුවේ සැකකරුවන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගතකල බවයි.

කළුතර ප්‍රාදේශීය සභාවේ සේවක වැටුප් ගෙවීමේ කටයුතුවලදී සිදුවූ රුපියල් කෝටියකට අධික මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අදාල නිළධාරීනිය හා රියැදුරු අත්අඩංගුවට ගනු ලැබීය.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, කළුතර බෝම්ඹුවල ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි කාන්තාවක් හා 54 හැවිරිදි වාද්දුව ප්‍රදේශයේ රියදුරෙකි.

කළුතර ප්‍රාදේශීය සභාවේ නිළධාරීයෙකු කළ පැමිණිල්ලකට අනුව සිදුකළ දීර්ඝ විමර්ශනයකින් පසුව මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.