මුදල් විශුද්ධිකරණය මැඩපැවැත්වීමට ගිවිසුමකට අත්සන්.

මුදල් විශුද්ධිකරණය හා ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුමකට අත්සන් කෙරේ..

by Staff writer 07-08-2025 | 5:13 PM

 COLOMBO (News 1st) – මුදල් විශුද්ධිකරණය හා ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශනවලට අදාළව තොරතුරු හුවමාරු කර ගැනීම සඳහා ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකා පොලීසිය අතර ද්විපාර්ශවීය අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම අද සිදු විය.

ඒ , පොලිස් මූලස්ථානයේදී. 

මෙම අවබෝධතා ගිවිසුමට ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් චින්තක මෙන්ඩිස් මහතා හා වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් නිල වශයෙන් අත්සන් තැබීම සිදු කරන ලදී.