.webp)
අමාත්‍යවරයා සඳහන් කළේ, ජනාධිපතිවරයා අත්සන් කරන ලද ලිපිය කථානායකවරයාට නැවත යොමු කිරීමට පියවර ගෙන ඇති බවයි.
දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාව ඊයේ (05) පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්ද 177 කින් සම්මත විය.
පොලිස්පතිවරයා ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාව මන්ත්‍රීවරුන් 115 දෙනෙකුගේ අත්සනින් පසුගිය මාර්තු මාසයේ 25 වනදා කථානායකවරයාට භාර දුන්නේ ය.
ඒ 2002 අංක 5 දරණ නිලධරයන් ඉවත් කිරීමේ කාර්ය පටිපාටි පනතතේ ප්‍රතිපාදන අනුවයි.