ඉන්දීය ජාතිකයින් 11 දෙනෙකු අත්අඩංගුවට.

නීති විරෝධීව මෙරට රැඳී සිටි ඉන්දීය ජාතිකයින් 11 දෙනෙකු අත්අඩංගුවට.

by Staff writer 05-08-2025 | 8:13 AM

COLOMBO (News 1st) - ඉන්දියන් ජාතිකයින් එකොලොස් දෙනෙකු බත්තරමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය සඳහන් කළේ, ඊයේ(04) පස්වරුවේ ලද තොරතුරක් අනුව ඔවුන් අකුරේගොඩ ප්‍රදේශයේදී දෙමහල් ගොඩැනැගිල්ලක සිටියදී අත්අඩංගුවට ගත් බවයි.

අත්අඩංගුවට ගත් අය අතර කාන්තාවන් 03 දෙනෙක් සහ පිරිමි පුද්ගලයින් 8 දෙනෙකු සිටින බව පොලීසිය සඳහන් කළේ ය.

ඔවුන් සතුව තිබි ලැල්ටොප් පරිඝනක 03 ක් සහ ජංගම දුරකතන 08 ක් සොයාගෙන තිබේ.

මෙරට රැදි සිටිමට ඔවුන්ට විසා නොමැති බවට අනාවරණ වී ඇතැයි පොලීසිය සදහන් කළේ ය.