ඇසළ පෙරහර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර අද...

ඇසළ පෙරහර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර අද...

by Staff writer 04-08-2025 | 6:03 PM

COLOMBO (News 1st) - මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර අද (04) රාත්‍රීයේ වීදි සංචාරය කරයි.

ඒ අද පස්වරු 6.52ට යෙදෙන සුබ මොහොතින්.

රන්දෝලි පෙරහැරේ පළමු දිනයේදී දළදා වහන්සේ උදෙසා චාරිත්‍රානුකූලව ආදිවාසීන් විසින් සිදුකරන මීපැණි පූජාව මෙවරත් සිදුකෙරිණි.

ඒ ආදිවාසී නායක වනස්පති ඌරුවරිගේ වන්නිලඇත්තන්ගේ ප්‍රධානත්වයෙනි.