ගුවන්තොටුපොළේදීම තාවකාලික රියදුරු බලපත්‍ර අද සිට

මෙරටට පැමිණෙන විදේශිකයින් සඳහා ගුවන්තොටුපොළේදීම තාවකාලික රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ අද සිට...

by Staff writer 03-08-2025 | 7:19 AM

COLOMBO (News 1st) - මෙරටට පැමිණෙන විදේශිකයින් සඳහා ගුවන් තොටුපොළේදීම තාවකාලික රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලිය අදින් ආරම්භ වේ.

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය සඳහන් කළේ, කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ඒ වෙනුවෙන් විශේෂ කවුළුවක් ස්ථාපිත කර ඇති බවයි.

ඒ හරහා විදේශිකයින්ට පහසුවෙන් රියදුරු බලපත්‍ර ලබාගත හැකි බව, අමාත්‍යාංශය සඳහන් කළේ ය.

මෙරටට පැමිණෙන විදේශිකයන්ට මෙතෙක් තාවකාලික රියදුරු බලපත්‍ර නිකුත් කෙරුණේ, වේරහැර පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කාර්යාලයෙන් පමණයි.

ඒ සඳහා වැඩි කාලයක් සහ පිරිවැයක් වැය කිරීමට සිදුවීම සැළකිල්ලට ගෙන මෙම තීරණය ගෙන තිබේ.