ප්‍රේමසිරි රත්නායක ධුරයෙන් ඉවතට...

ප්‍රේමසිරි රත්නායක බෞද්ධ කටයුතු කොමසාරිස් ධුරයෙන් ඉවතට...

by Staff writer 03-08-2025 | 7:27 AM

Colombo (News 1st) - ප්‍රේමසිරි රත්නායක මහතා, බෞද්ධ කටයුතු කොමසාරිස් ධුරයෙන් ඉවත් කර තිබේ.

බුද්ධ ශාසන හා ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා සඳහන් කළේ, කැබිනට් මණ්ඩල යෝජනාවක් මගින් ඔහු ඉවත් කළ බවයි.

රාජකාරිය නිසි පරිදි ඉටු නොකිරීම හේතුවෙන් එම පියවර ගත් බව, නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.

ප්‍රේමසිරි රත්නායක මහතා, බෞද්ධ කටයුතු කොමසාරිස් ධුරයට පත්වූයේ 2024 වසරේ ජනවාරී මාසයේදීයී.

පසුගිය කාලයේ ඔහු සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා සැළකිල්ලට ගෙන ධුරයෙන් ඉවත් කිරීමට තීරණය කළ බව, නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය.

වැඩබලන බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා ලෙස මේ වන විට පත්කර ඇත්තේ, කසුන් වැල්ලහේවා මහතායි.