අදත් ප්‍රදේශ රැසකට තද වැසි...

අදත් ප්‍රදේශ රැසකට තද වැසි...

by Staff writer 03-08-2025 | 7:30 AM

COLOMBO (News 1st) - උතුර, උතුරු මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වලටත්, හම්බන්තොට සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලටත් මිලිමීටර 75 ක පමණ තද වැසි ඇති විය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ සමගම තද සුළං තත්වයක් ද, පැවතිය හැකියි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ, අකුණු අනතුරුවලින් ආරක්ෂා වන ලෙසයි.

මේ අතර හලාවත සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා මුහුදු ප්‍රදේශවල සුළං වේගය, පැයට කිලෝමීටර 50 ත් 55 ත් දක්වා ඉහළ යා හැකි වේ.

සෙසු මුහුදු ප්‍රදේශවල සුළං වේගය ද, පැයට කිලෝමීටර 40 ක් පමණ දක්වා ඉහළ යා හැකියි.