.webp)
අමාත්‍යවරයා පැවසුවේ ඒ පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කර 2026 අයවැයට අදාළ යෝජනා ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි.
පාර්ලිමේන්තුවේ පැවති මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ඒ බව සඳහන් කළේය.
පොලිස් සේවයේ පවතින ගැටලු සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කාරක සභාවේදී ඉදිරිපත් කළ විමසීම්වලට පිළිතුරු ලබා දෙමින් විජේපාල මහතා පැවසුවේ දැනට සේවයේ නියුතු පොලිස් නිලධාරීන්ගේ කාර්යක්ෂමතාව වැඩිකිරීමට ඔවුනට අවශ්‍ය පුහුණු වැඩසටහන් ලබාදීමට කටයුතු කරන බවයි.
විවිධ අකටයුතුකම් හා සම්බන්ධ බවට වාර්තා වන පොලිස් ස්ථානාධිපතිවරුන් හා ඇතැම් නීති විරෝධි ක්‍රියා සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණ සිදු නොවන බවට චෝදනා එල්ල වන පොලිස් ස්ථාන පිළිබඳව ද මෙහිදී අවධානය යොමුවිය.
ඒවා සම්බන්ධ විශේෂ අවධානය යොමුකර අවශ්‍ය පියවර ගන්නා ලෙස මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සභාපති අමාත්‍ය ආනන්ද විජේපාල මහතා වැඩබලන පොලිස්පතිවරයාට එහිදී උපදෙස් ලබා දී තිබේ.
එහිදී වැඩිදුරටත් අවධානය යොමුවී ඇත්තේ, මත්ද්‍රව්‍ය නිවාරණ කටයුතු, නීති විරෝධි ධීවර ආම්පන්න භාවිතය, නීති විරෝධි ක්‍රියා පිළිබඳව තොරතුරු පොලිසියට ලබා දෙන්නන්ගේ අනන්‍යතාව හෙළි නොකිරීමේ අවශ්‍යතාව ආදි කරුණු පිළිබඳවයි.