දෙහිඕවිට, තැඹිලියානේ බස් රථ අනතුරකින් 42 කට තුවාල

දෙහිඕවිට, තැඹිලියානේ බස් රථ අනතුරකින් 42 කට තුවාල

by Staff writer 02-08-2025 | 10:26 AM

COLOMBO (News1st) - අවිස්සාවේල්ල, කෑගල්ල මාර්ගයේ දෙහිඕවිට තැඹිලියාන ප්‍රදේශයේදී බස් රථයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් හතලිස් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

පොලීසිය පැවසුවේ සීතාවක කර්මාන්ත පුරයේ සේවකයින් ප්‍රවාහනය කරන බස් රථයක් අද(02) උදෑසන එලෙස අනතුරට ලක්ව ඇති බවයි.

බස් රථය, වෙනත් වාහනයකට ඉඩදීමට යාමේදී අනතුර සිදුව තිබේ.

තුවාලකරුවන් අවිස්සාවේල්ල රෝහලට ඇතුලත් කර ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.