රෝහිත අබේගුණවර්ධනගේ දියණිය අත්අඩංගුවට...

රෝහිත අබේගුණවර්ධනගේ දියණිය අත්අඩංගුවට...

by Staff writer 30-07-2025 | 5:41 PM

COLOMBO (News 1st) - හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගේ දියණිය වන රොෂෙල් අබේගුණවර්ධන මහත්මිය අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ , පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකය විසිනි.

නීතිඥවරියක මාර්ගයෙන් ඇය, අද (30) උදෑසන පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයට භාර විය.

ඇය නීතිවිරෝධීව ජිප් රථයක් මෙරටට ගෙන්වා එකලස් කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකාරියයි.

පැය 7කට ආසන්න කාලයක් ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව, හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධනගේ දියණිය වන රොෂෙල් අබේගුණවර්ධන මහත්මිය අත්අඩංගුවට ගෙන තිබේ.