බ්‍රිතාන්‍ය අගමැතිගෙන් ඊශායලයට අනතුරු ඇගවීම් !

පලස්තීනය රාජ්‍යක් ලෙස පිළිගන්නා බවට බ්‍රිතාන්‍ය අගමැතිගෙන් ඊශායලයට අනතුරු ඇගවීම්!

by Staff writer 30-07-2025 | 9:35 AM

COLOMBO (News 1st) - ඊශ්‍රායලය ගාසා තීරයේ ගැටුම් අවසන් නොකළහොත් පලස්තීනය රාජ්‍යක් ලෙස පිළිගන්නා බවට බ්‍රිතාන්‍ය අගමැති කියර් ස්ටාර්මර් අනතුරු අඟවයි.

ඔහු ඊශ්‍රායලයට පවසා තිබුණේ, දෙරට අතර සටන් විරාමයකට එකඟ වී  තිරසාර සාමයක් පවත්වාගෙන යාමට එකඟ වන ලෙසයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය,, ගාසා තීරයට සිදුකරන ආධාර සැපයුම නැවත ආරම්භ කිරීමට ඉඩ දෙන ලෙසද ඔහු ඊශ්‍රායලයෙන් ඉල්ලිමක් කළේ ය.

ඔහු පවසන්නේ එලෙස නොකළහොත් එලඹෙන සැප්තැම්බර් මාසයේදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩල සැසිවාරයේදී පලස්තීනය රාජ්‍යක් ලෙස පිළිගන්නා බවයි.

මේ අතර හමාස් සංවිධානයද සියලුම ඊශ්‍රායලය ප්‍රාණ ඇපකරුවන් නිදහස් කළ යුතු බවත් සටන් විරාමයක් ඇති කර ගැනීමට කටයුතු කළ යුතු බවත් ඔහු ප්‍රකාශ කළේ ය.

ඔහු පැවසුවේ, එලෙස නොකළහොත් හමාස් සංවිධානයට පලස්තීන රජයේ කිසිඳු පාලන බලයක් නොලැබෙනු ඇති බවයි.

මේ තත්වයට ප්‍රතිචාර දක්වමින් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසා තිබුණේ එරට අන්තවාදී සටන්කාමී කණ්ඩායම් විසින් පාලනය කරනු ලබන රාජ්‍යයක් විසින් බ්‍රිතාන්‍යයට අනතුරු අඟවනු ඇති බවයි.

මේ අතර එළඹෙන සැප්තැම්බර් මාසයේදී පලස්තීනය රාජ්‍යයක් වශයෙන් පිළිගන්නා බවට ප්‍රංශය ද පසුගිය සතියේ පවසා තිබුණි.