රිය අනතුරුවලින් පුද්ගලයින් 1355ක් මරුට - පොලීසිය

වසරේ ගතවූ කාලය තුළ රිය අනතුරුවලින් පුද්ගලයින් 1,355ක් මරුට - පොලීසිය

by Staff writer 29-07-2025 | 8:56 AM

COLOMBO (News 1st) - වසරේ ගතවූ කාලය තුළ රිය අනතුරුවලින් පුද්ගලයින් 1,355ක් මියගොස් ඇති බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක එෆ්.යු.වුට්ලර් මහතා සඳහන් කළේ, පසුගිය වසරේ රිය අනතුරුවලින් පුද්ගලයින් 2,521ක් දෙනෙකු මියගොස් ඇති බවයි.

බීමත්ව සහ මාර්ග නීතී කඩකරන රියැදුරන්ට එරෙහිව නීතීය තදින් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.