.webp)
ඒ, ජනාධිපතිවරයා සම්බන්ධව අපහාසාත්මක ප්රකාශයක් සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙනි.
2023 අගෝස්තු 19 වැනිදා පොදු ජන පෙරමුණ මැද කොළඹ ප්රදේශයේ පැවැත්වූ ජන හමුවකදී එවක පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකුවූ ජානක තිස්ස කුට්ටිආරච්චි මහතා විසින් අනුර කුමාර දිසානායක මහතා රුපියල් බිලියන පහක් මෝල්ටාවේ ආයෝජනය කර තිබෙන බවට කළ ප්රකාශකය මුල්කරගෙන නඩුව පවරා තිබිණි.
අනුර දිසානායක මහතා ගොනුකර තිබූ පෙත්සමේ සඳහන් වූයේ එම ප්රකාශය තුළින් තමා වංක චේතනාවෙන් කටයුතු කරන දූෂිත පුද්ගලයෙකු ලෙසත්, යටි අරමුණු සහිතව විදේශයන්ගෙන් විශාල මුදල් ලබාගන්නා අයෙකු බවටත් හුවා දැක්වීමට විත්තිකාර මන්ත්රීවරයා කටයුතු කර තිබෙන බවයි.
එමගින් සිය කීර්තියට දැඩි අපහාසයක් සිදුවී ඇති බවත් ඒ වෙනුවෙන් තිස්ස කුට්ටිආරච්චි මන්ත්රීවරයා ඇතුළු වගඋත්තරකරුවන්ගෙන් රුපියල් බිලියන 10 ක වන්දියක් අය කර දෙන නියෝගයක් නිකුත් කරන ලෙසත් පැමිණිලිකාර අනුර කුමාර දිසානායක මහතා අධිකරණයෙන් ඉල්ලා තිබිණි.
නඩුව දෙපාර්ශ්වයේ එකඟත්වයෙන් සමථයකට පත් කෙරුණු අතර අදාළ ප්රකාශය සම්බන්ධයෙන් පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී ජානක තිස්ස කුට්ටිආරච්චි මහතා කොළඹ දිසා අධිකරණය හමුවේ කොන්දේසී විරහිතව කණගාටුව ප්රකාශ කළේ ය.