අධිකරණයට භාර වූ නාමල්ට ඇප...

අධිකරණයට භාර වූ නාමල්ට ඇප...

by Staff writer 29-07-2025 | 4:43 PM

COLOMBO (News 1st) - අධිකරණයට භාර වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පෙර ඇප මත මුදා හැරීමට හම්බන්තොට දිසා මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ ය.

ඒ, ඔහු අද (29) දහවල් අධිකරණයට භාරවීමෙන් අනතුරුවයි.

හම්බන්තොට වරාය චීනයට විකිණීමට එරෙහිව 2017 වසරේ ඔක්තෝම්බර් 06 වන දින පැවති විරෝධතාවකට අදාළව විභාග වන නඩුවේ 35 වෙනි වගඋත්තරකරු වන නාමල් රාජපක්ෂ මහතා ඊයේ (28) නඩුවට පෙනී නොසිටීම හේතුවෙන් ඔහුට වරෙන්තු නිකුත් කෙරිණි.

නීති විරෝධී රැස්වීම, අධිකරණ නියෝග කඩ කිරීම, ජීප් රථ 03කට අලාභානි සිදුකිරීම සහ අනර්ථය , රාජකාරියට බාධා කිරීම සහ මහා මාර්ගය ගිනි තබා අනර්ථය යන චෝදනා යටතේ නඩුව පවරා තිබේ.

නඩුව ලබන වසරේ ජනවාරි 26 වන දින යළි කැඳවිමට නියමිතයි.

නාමල් රාජපක්ෂ මහතා ඊයේ  මාලදිවයින බලා පිටත්ව ගොස් තිබූ අතර, අද උදෑසන යළි මෙරටට පැමිණියේ ය.