.webp)
නඩුව මහාධිකරණ විනිසුරු සහන් මාපා බණ්ඩාර මහතා ඉදිරියේ කැඳවිය.
නඩුව කැඳ වූ අවස්ථාවේ, දෙපාර්ශ්වයේ නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියේ නඩුව පූර්ණ නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා කැඳවන ලෙසයි.
2010 වසරේ සිට 2012 වසර දක්වා කාල සීමාව තුළ අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් සිය නීත්‍යානුකූල ආදායම අභිබවා රුපියල් මිලියන 150 කට ආසන්න වටිනාකමකින් යුත් දේපළ අයථා ලෙස අත්පත් කර ගැනීම තුළින් දූෂණ විරෝධී පනත යටතේ වරදක් සිදු කළ බවට චෝදනා කරමින්, අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනු කර තිබේ.
අල්ලස් කොමිසම විසින් පසුගිය මැයි 27 වැනිදා කොළඹ මහාධිකරණය හමුවේ හිටපු අමාත්‍යවරයාට එරෙහිව නඩු පැවරූ අතර වඅධි චෝදනා දෙකක් යටතේ මෙම නඩුව ගොනු කර තිබේ.