හි.නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි අත්අඩංගුවට

කෙහෙල්බද්දර පද්මේ තර්ජනය කළා යැයි, අසත්‍ය පුවත් සමාජ ගත කිරීමේ චෝදනාවට හිටපු නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි CID අත්අඩංගුවට..

by Staff writer 28-07-2025 | 10:32 PM

COLOMBO (News 1st) - හිටපු නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන කෙහෙල්බද්දර පද්මේ නැමැත්තා තමා ඇතුලු පිරිසකට මරණිය තර්ජනය කලේ යැයි කියන අසත්‍ය පුවත් සමාජ ගත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.

හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා රෝගී තත්ත්වයක් හේතුවෙන් මේ වන විට රෝහල් ගත කර ඇති බව පොලිසිය ප්‍රකාශ කළේ ය.

හිටපු අමාත්‍ය ටිරාන් අලස්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක සහ තමාට අවස්ථා කිහිපයකදී දුරකතන ඇමතුම් සහ කෙටිපණිවිඩ ඔස්සේ කෙහෙල්බද්දර පද්මේ විසින් මරණීය තර්ජනය කළැයි ප්‍රියන්ත ජයකොඩි මහතා පසුගියදා ප්‍රකාශ කර තිබිණි.

කෙසේ වෙතත් විමර්ශන නිලදාරීන් ප්‍රකාශ කළේ, ප්‍රියන්ත ජයකොඩි මහතාගේ උපදෙස් මත වෙනත් පුද්ගලයෙකු විසින් මෙම දුරකතන ඇමතුම් ලබා දී ඇති බවට සිදුකළ විමර්ශවලදී අණාවරණය වෙමින් පවතින බවයි.

සිද්ධියට සම්බන්ධ එම පුද්ගලයාද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ.