වනාන්තරවලට ගිනි අවි රැගෙන යාම ගැන හොයන්න කණ්ඩායම්

වනාන්තරවලට ගිනි අවි රැගෙන යාම ගැන සොයා බැලීමට විශේෂ කණ්ඩායම්..

by Staff writer 27-07-2025 | 8:01 AM

COLOMBO (News 1st) - වනාන්තර ප්‍රදේශවලට ගිනි අවි රැගෙන යාම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂාවක් ආරම්භ කර ඇතැයි, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

ඒ, අලි ඇතුන් ඇතුළු වන සතුන් වෙඩි ප්‍රහාවලින් මියයාමේ සිදුවීම් ඉහළ යාමත් සමගයි.

ඒ පිළිබඳ සොයා බැලීමට ප්‍රාදේශීය මට්ටමින් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇතැයි, වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල් චන්දිම පානකුඹුර මහතා සඳහන් කළේ ය.