මුඛ පිළිකා නිසා වැඩිම මරණ සිදුවන රටවල් අතර ලංකාවත්

මුඛ පිළිකා හේතුවෙන් වැඩිම මරණ සිදුවන රටවල් අතර ශ්‍රී ලංකාව 5 වැනි තැනට...

by Staff writer 27-07-2025 | 10:09 AM

COLOMBO (News 1st) - මුඛ පිළිකා හේතුවෙන් වැඩිම මරණ වාර්තා වන රටවල් අතර පස් වැනි ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව ඇතැයි, ජාතික පිළිකා මර්දන වැඩසටහන පවසයි.

විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ජයසේකර මහතා සඳහන් කළේ, මුඛ පිළිකා හේතුවෙන් දෛනිකව මෙරටින් පුද්ගල මරණ තුනක් පමණ වාර්තා වන බවයි.

ඒ අනුව මුඛ සහ ගෙළ පිළිකා හේතුවෙන් වාර්ෂිකව මෙරට තුළ මිය යන පුද්ගලයින් සංඛ්‍යාව 3,100ක් පමණ වේ.

හිස සහ ගෙල ආශ්‍රිත පිළිකා වැළැක්වීමේ ජාත්‍යන්තර දිනය අදයි.

මෙවර එහි තේමාව දුම්කොළ සහ පුවක්වලින් දුරස්වෙමු - මුඛ පිළිකාවෙන් වැළකෙමු යන්නයි.‍