කීර්තිමත් සීල් උරහිස් පළඳනාව ගත් පළමු ලාංකිකයා

එක්සත් ජනපද නාවික සීල් භට පුහුණු වැඩසටහන සම්පූර්ණ කර, කීර්තිමත් සීල් උරහිස් පළඳනාව ලබා ගත් පළමු ශ්‍රී ලාංකිකයා බවට පත්වූ ලුතිනන් කොයන් චමිත..

by Staff writer 26-07-2025 | 7:43 AM

COLOMBO (News 1st);

ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශේෂ යාත්‍රා බලඝණයේ  නිලධාරියෙකු වන ලුතිනන් කොයන් චමිත ඉතිහාසයට එක්විය.

ඒ එක්සත් ජනපද නාවික සීල් භට  පුහුණු වැඩසටහන සම්පූර්ණ කර කීර්තිමත් සීල් පදක්කම ලබා ගත් පළමු ශ්‍රී ලාංකිකයා බවට පත්වෙමින් ය.

ඒ ලෝකයේ වඩාත්ම දුෂ්කර හමුදා පුහුණුව මාස 14 ක් සම්පූර්ණ කිරීමෙන් පසුවයි.

ඒ අනුව අද සිට ශ්‍රී ලාංකික කොයන් චමිතට අමෙරිකා නාවික හමුදා සීල් භටයෙකු පළඳින විශේෂ පදක්කම පැළඳිය හැකියි.

වෙනත් ලිපි