දෙහිවල වෙඩිල්ලේ සැකකරුවෙක් STF වෙඩි පහරින් මරුට

දෙහිවල වෙඩි තැබීමකට සම්බන්ධ සැකකරුවෙක් STF වෙඩි පහරින් මරුට...

by Staff writer 25-07-2025 | 8:18 AM

COLOMBO (News 1st) - දෙහිවල ප්‍රදේශයේදී වෙඩි තැබිමේ සිද්ධියකට සම්බන්ධ වෙඩික්කරුවෙකු කහතුඩුව ප්‍රදේශයේදි පොලිස් විශේෂ කාර්ය බලකාය කළ වෙඩි තැබීමකින් මියගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ, කහතුඩුව ප්‍රදේශයේ සැකකරු සැඟව සිටි නිවස අද(25) අලුයම 4.30 ට පමණ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් පරික්ෂාවට ලක්කළ බවයි.

එහිදි සැකකරු සෙබළුන් වෙඩි තැබීම⁣ට උත්සාහ දරා තිබේ.

පොලීසිය සඳහන් කළේ, එම අවස්ථාවේදී පොලිස් විශේෂ කාර්ය බලකා සෙබළුන් කළ වෙඩි තැබිමේදි සැකකරු මියගොස් ඇති බවයි.

මියගිය සැකකරුගේ සිරුර පිළියන්දල, වෑතර රෝහලේ තබා තිබේ.

සිද්ධියෙන් තුවාල ලැබු එක් පොලිස් විශේෂ කාර්ය බලකා සෙබලෙකු කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලීසිය සදහන් කළේ ය.