.webp)
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, දෙපාර්ශ්වය සිරකරු හුවමාරුවකට පමණක් එකඟ වී ඇති බවයි.
යුක්රේනය, සටන් විරාමයකට සූදානම් බව, එරට ආරක්ෂක කවුන්සලයේ ලේකම් රුස්ටෙම් උමෙරොව් සඳහන් කළේ ය.
ඔහු සදහන් කළේ, ඊට එකඟ වන්නේ නම්, රුසියාව සිය රටට එල්ල කරන සියලු ප්‍රහාර නතර කළ යුතු බවයි.
දෙරට අතර සිරකරු හුවමාරුවේ නව වැනි අදියර මේ යටතේ සිදුවන බව, යුක්රේන ජනාධිපති වොලඩිමියර් සෙලෙන්ස්කි සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් සදහන් කළේ ය.
යුක්රේනයේ සිටින බරපතල ලෙස රෝගාතුර වූ සහ තුවාල ලැබූ රුසියානු සිරකරුවන් 1,000කට ඒ යටතේ නිදහස හිමිවන බව ඔහු සඳහන් කළේ ය.