තායිලන්ත ප්‍රහාරක ගුවන් යානා කාම්බෝජ දේශසීමාවට

තායිලන්ත - කාම්බෝජ දේශසීමා අර්බුදයක්: තායිලන්ත ප්‍රහාරක ගුවන් යානා කාම්බෝජ දේශසීමාවට

by Staff writer 24-07-2025 | 10:52 AM

COLOMBO (News 1st) - තායිලන්ත ප්‍රහාරක යානා, කාම්බෝජ දේශසීමාව අසළ ස්ථාන ගත කර තිබේ.

ඒ, සිරියාව සහ කාම්බෝජය අතර දෙරටේ දේශසීමාව පිළිබඳ ගැටුමක් ‍ඇතිවීම හේතුවෙනි.

දෙරට අතර කාලයක් පුරා පැවති දේශසීමා ගැටුම් සහ රාජ්‍ය තාන්ත්‍රික ආරවුල් මධ්‍යයේ එම ගැටුම ඇතිවී තිබේ.

ඊයේ(23) තායිලන්තය කාම්බෝජයේ සිය තානාපතිවරයා නැවත කැඳවා, එරට සිටින කාම්බෝජ තානාපතිවරයා නෙරපා හරින බව ප්‍රකාශ කිරීමෙන් පසුව එම ගැටුම උත්සන්න වී තිබේ.

මේ අතර එම ගැටුම අතරතුර කාම්බෝජ හමුදා වෙඩි ප්‍රහාර හමුවේ තායි සොල්දාදුවන් දෙදෙනෙකු තුවාල ලැබූ බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ගැටුම්කාරී තත්වය හමුවේ තායිලන්ත වැඩබලන අගමැති ෆුම්තම් වෙචයාචායි පවසා තිබුණේ ඔවුන් ප්‍රවේසම් විය යුතු බවයි.