මාරවිල වෙඩි තැබිමකින් කාන්තාවක් මරුට

මාරවිල වෙඩි තැබිමකින් කාන්තාවක් මරුට

by Staff writer 23-07-2025 | 11:35 AM

COLOMBO (News 1st) - මාරවිල, මැද නාත්තන්ඩිය  ප්‍රදේශයේ දී සිදුකළ වෙඩිතැබීමකින් කාන්තාවක් මියගොස් තිබේ.

පොලීසිය පැවසුවේ වෙඩි තැබීමෙන් 10 හැවිරිදි කුඩා දරුවෙකුද තුවාල ලබා ඇති බවයි.

ත්‍රීරෝද රථයකින් පැමිණ ඉන් බසින අවස්ථාවේ යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් ඊයේ(23) රාත්‍රියේ එම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලීසිය සඳහන් කළේ ය.

වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ 30 හැවිරිදි කාන්තාවකි.

තුවාල ලැබූ දරුවා මාරවිල රෝහලේ ප්‍රතිකාර ලබන අතර මියගිය කාන්තාව මත්ද්‍රව්‍ය සම්බන්ධ වරදකට රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇප ලබා පැමිණ සිටි අයෙක් බවද පොලීසිය සඳහන් කළේ ය.

වෙඩි තැබීම සිදුකර ඇත්තේ පිස්තෝලයක් හා රිවෝල්වරයක් භාවිත කර ඇති බව පොලීසිය සඳහන් කළේ ය.