වනඅලි තුන්දෙනෙකුගේ සිරුරු කොටස් හමුවේ...

දිගම්පතහ රක්ෂිතයේ තිබී මිය ගිය වනඅලි තුන්දෙනෙකුගේ සිරුරු කොටස් හමුවේ...

by Staff writer 22-07-2025 | 6:11 PM

COLOMBO (News 1st) - දඹුල්ල සීගිරිය දිගම්පතහ රක්ෂිතයේ තිබී මිය ගිය වනඅලි තුන්දෙනෙකුගේ සිරුරු කොටස් අද (22)  හමුව තිබේ.

වනජීවි අධ්‍යක්ෂ ජනරාල් රංජන් මාරසිංහ මහතා සඳහන් කළේ, දින කිහිපයකට පෙර වනඅලින් මිය යන්නට ඇතැයි සැක කරන බවයි.

වන අලින්ගේ සිරුරු කොටස් තුන රක්ෂිතයේ ස්ථාන තුනක ආසන්න ප්‍රදේශයක තිබි සොයාගෙන ඇත.

එක් වන අලියෙකු වයස අවුරුදු 40 ක් පමණ වන අතර අනෙක් වන අලින් දෙදෙනා වයස අවුරුදු 16 ත් 15 ත් අතර පසුවන බව වනජිවි නිලධාරීන් සඳහන් කළේ ය.

මේ අතර, ගල්ගමුවේ ප්‍රදේශයෙන් ද, වෙඩි වැදී මියගිය ඇතෙකුගේ සිරුරක් සොයාගෙන තිබේ.

වනජීවි දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ, ඒ සම්බන්ධයෙන් ද විශේෂ විමර්ශනයක් ක්‍රියාත්මක බවයි.