වඩුක්කෝඩේ ප්‍රදේශයේ ආරක්ෂාව තර කෙරේ

දෙපිරිසක් අතර ගැටුමකින් පසු යාපනය, වඩුක්කෝඩේ ප්‍රදේශයේ ආරක්ෂාව තර කෙරේ

by Staff Writer . 21-07-2025 | 12:57 PM

COLOMBO (News1st) - දෙපිරිසක් අතර ගැටුමකින් පසු යාපනය, වඩුක්කෝඩේ ප්‍රදේශයේ ආරක්ෂාව තරකර තිබේ.

පොලීසිය පැවසුවේ ඒ අනුව ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් සහ ජංගම මුර සංචාර සඳහා පොලිස් විශේෂ කාර්ය බලකා කණ්ඩායමක් යොදවා ඇති බවයි.

දෙපිරිසක් අතර ඇතිවූ එම ගැටුම සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ ගැටුමෙන් තුවාල ලැබූ පුද්ගලයින් තිදෙනෙකු යාපනය රෝහලට ඇතුළත් කළ බවයි.

එක් අයෙකු ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටත්ව ගොස් තිබේ.

කාලයක් මුළුල්ලේ ප්‍රදේශයේ දෙපිරිසක් අතර පවතින ආරවුලක් ගැටුමට හේතුවී තිබේ.

පොලීසිය පැවසුවේ ඊයේ(20) පස්වරුවේ ඇතිවූ ගැටුම පාලනයට අහසට ද වෙඩි තැබූ බවයි.