වියට්නාමයේ බෝට්ටුවක් පෙරළීමෙන් 34ක් මරුට

වියට්නාමයේ සංචාරක බෝට්ටුවක් පෙරළීමෙන් පුද්ගලයින් 34 දෙනෙකු මියයයි.

by Staff writer 20-07-2025 | 9:34 AM

COLOMBO (News 1st) - වියට්නාමයේ ලොන්ග් බොක්ක කලාපයේ සංචාරක බෝට්ටුවක් පෙරළීමෙන් මියගිය සංඛ්‍යාව 34ක් දක්වා ඉහළ ගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, වර්ශා සහිත කාලගුණය හේතුවෙන් බෝට්ටුව අනතුරට ලක්ව ඇති බවයි

අනතුර සිදුවන අවස්ථාවේදී එම බෝට්ටුව තුළ සංචාරකයින් 53 දෙනෙකු සිට තිබේ.

ඉන් 11 දෙනෙකුට දිවි බේරා ගැනිමට හැකි වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.