සෞදියේ 'නිදන කුමරා' ජීවිතක්ෂයට

වසර 20ක් කෝමා තත්ත්වයේ සිටි සෞදියේ 'නිදන කුමරා' ජීවිතක්ෂයට

by Chathurika Jayasundara 20-07-2025 | 6:30 PM

COLOMBO (News 1st) - සෞදියේ 'නිදන කුමරා' ('Sleeping Prince' ) අල්වලීඩ් බින් කලීඩ් (Alwaleed Bin Khaled ) වසර 20ක් කෝමා තත්ත්වයේ සිටීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබේ.  

1990 අප්‍රේල් 18 වන දින උපත ලැබූ අල්වලීඩ් බින් කලීඩ් කුමරු සෞදි රාජකීය පවුලේ ප්‍රමුඛ සාමාජිකයෙකු වන කලීඩ් බින් තලාල් අල් සවුද් කුමරුගේ වැඩිමහල් පුත්‍රයායි  

ඒ වගේම ඔහු නූතන සෞදි අරාබියේ නිර්මාතෘ අබ්දුලාසිස් රජුගේ මී මුනුපුරා ද වෙයි.

අල්වලීඩ් කුමරු 2005 දී ලන්ඩනයේ හමුදා විද්‍යාලයක ඉගෙනුම ලබමින් සිටියදී වයස අවුරුදු 15 දී බරපතල මෝටර් රථ අනතුරකට ලක් වෙයි.

මේ අනතුරෙන් මොළයේ රුධිර වහනයක් සහ අභ්‍යන්තර රුධිර වහනයක් ඇතුළු දරුණු මොළයේ කම්පනයක් ඇති වූ අතර එමගින් ඔහු සම්පූර්ණ කෝමා තත්ත්වයට පත් වුවේ ය.

ඔහුගේ පවුලේ අය ලොව පුරා විශේෂඥයින්ගෙන් වෛද්‍ය ප්‍රතිකාර කළ නමුත් ඒ කිසිවකින් අල්වලීඩ් කුමරු සිහිය ලබා ගත්තේ නෑ

කෝමා තත්ත්වයේ ගත කළ වසර 20 පුරාම අල්වලීඩ් කුමරු නිරන්තර වෛද්‍ය ප්‍රතිකාර යටතේ සිටියේ ය.  

2019 දී ඇඟිලි චලනයන් සහ හිස හැරීම් වැනි සුළු භෞතික ප්‍රතිචාර කෙටි බලාපොරොත්තුවක් ලබා දුන් නමුත්, ඔහුගේ තත්වය යහපත් වූයේ නෑ.

වසර 20ක් කෝමා තත්ත්වයේ සිටි අල්වලීඩ් කුමරු ඊයේ මිය ගියේ ය.