බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලට අද වැසි

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලට අද වැසි - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

by Staff writer 19-07-2025 | 8:35 AM

COLOMBO (News 1st) – බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත් වලට අද දිනයේ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලට ද වැසි ඇති විය හැකි බවයි.

ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තද වැසි ඇති විය හැකි බව ද කාලගුණ අනාවැකියේ සඳහන් ය.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වලත් බස්නාහිර , සබරගමුව , දකුණු , වයඹ සහ උතුරුමැද පළාත් වලත් විටින් විට පැයට කිලෝමීටර් 50ක 60 ක පමණ තද සුළං ද ඇති විය හැකි ය.

දිවයිනේ සෙසු ප්‍රදේශ වලට පැයට කිලෝමීටර් 30ත් 40 ත් අතර තරමක තද සුළං ද ඇති විය හැකි ය..

මේ අතර පුත්තලම සිට කොළඹ , ගාල්ල හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශ වලට ඉදිරි පැය 24 තුළ යාත්‍රා කිරිමෙන් වළකින්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධිවර සහ නාවුක ප්‍රජාවට උපදෙස් දෙයි.