ඩොනල්ඩ් ට්‍රම්ප්ට නිදන්ගත නහර රෝගයක්

ඩොනල්ඩ් ට්‍රම්ප්ට නිදන්ගත නහර රෝගයක් - ධවල මන්දිරය

by Staff writer 18-07-2025 | 7:58 AM

COLOMBO (News 1st) - අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිදන්ගත නහර රෝගයකින් පෙළෙන බව ධවල මන්දිරය නිවේදනය කරයි.

ධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙවිට් පැවසුවේ, රෝග නිර්ණය සඳහා පරීක්ෂණයක්ද සිදුකළ බවයි.

ඒ ජනාධිපතිවරයාගේ අතේ තැලීම් හා කකුල් ඉදිමීම වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමෙන් අනතුරුවයි.