අමෙරිකානු තීරු බදු ගැන අද තවත් සාකච්ඡාවක්..

අමෙරිකානු තීරු බදු ගැන අද තවත් සාකච්ඡාවක්..

by Staff writer 18-07-2025 | 7:27 AM

COLOMBO (News 1st) - අමෙරිකානු තීරු බදු සම්බන්ධයෙන් එරට බලධාරීන් හා ශ්‍රී ලංකා නියෝජිත පිරිස අතර තවත් සාකච්ඡාවක් අද (18) පැවැත්වේ.

ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, Zoom තාක්ෂණය ඔස්සේ එම සකාච්ඡාව පැවැත්වෙන බවයි.

අමෙරිකාව මෙරටට පැනවූ 30% තීරු බද්ද තවත් අඩු කර ගැනීමේ ක්‍රියාවලිය පසුගියදා ආරම්භ විය.

ඒ යටතේ මීට පෙර දෙපාර්ශවය අතර දත්ත රැසක් හුවමාරු කර ගත් බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ය.

අද පැවැත්වෙන සාකච්ඡා සඳහා මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් මෙරට නියෝජිත පිරිස සහභාගි වනු ඇති.

මෙම සාකච්ඡාව අමෙරිකාවේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් සම්බන්ධීකරණය කරන බවද, නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ ය.

ඔහු සඳහන් කළේ ලබන මස පළමුවැනිදාට පෙර අමෙරිකාව හා ශ්‍රී ලංකාව අතර වෙළෙඳ ගිවිසුමක් සඳහා වන සාකච්ඡා සාර්ථක කර ගැනීම රජයේ අපේක්ෂාව බවයි.