Tomorrowland ප්‍රධාන වේදිකාව ගින්නකින් විනාශ වෙයි.

බෙල්ජියමේ Tomorrowland ප්‍රධාන වේදිකාව ගින්නකින් විනාශ වෙයි...

by Staff writer 17-07-2025 | 7:39 AM

COLOMBO (News 1st) - බෙල්ජියමේ Tomorrowland ප්‍රධාන වේදිකාව ගින්නකින් විනාශ වී තිබේ.

ඒ අදාළ උත්සවය ආරම්භ වීමට දින දෙකක් පමණක් ඉතිරිව තිබියදීයි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ගින්නෙන් කිසිවෙකුටත් අනතුරක් සිදුව නොමැති බවයි.

ගින්නට හේතුව මෙ‍ෙතක් අනාවරණය වී නොමැති.

ලෝකයේ ප්‍රමුඛ පෙළේ සංගීත සංදර්ශනයක් ලෙස Tomorrowland සංගීත උළෙල හැඳින්වෙන අතර මෙවර ඒ සඳහා ලක්ෂ 4කට අධික පිරිසක් සහභාගී වෙතැයි ගණන් බලා තිබිණි.