COLOMBO (News 1st) - සජිත් ප්‍රේමදාස මහතා අමාත්‍ය ධුරය දැරූ 2015 සහ 2019 කාල සීමාවේ නිවාස සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක නිවාස ව්‍යාපෘතීන් තුළ සිදුව ඇති අක්‍රමිකතා පිළිබඳ සොයා බැලීමට විගණ විමර්ශනයක් සහ අමාත්‍යාංශ මට්ටමේ විමර්ශනයක් සිදු කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
ඔහු ඒ බව සඳහන් කළේ, අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමිනි.