.webp)
ඒ, රුපියල් පනස් දහසක මුදල් ඇපයක් හා මිලියන පහ බැඟින් වූ ශරීර ඇප දෙකක් මතයි.
සැකකාරියට ඇප නියම කළ මහේස්ත්‍රාත්වරිය ඇගේ විදෙස් ගමන් තහනම් කිරීමට පියවර ගත්තේ ය.
ඊට අමතරව, මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ, වෛද්‍යවරියට ශ්‍රී ජයර්ධනපුර රෝහල් පරිශ්‍රයට ඇතුළු නොවන ලෙසයි.
තුන්වන පාර්ශ්වයක් හරහා වැඩි මිලට ශල්‍ය වෛද්‍ය උපකරණ අලෙවි කිරීමේ චෝදනාව මත සැකකාර වෛද්‍ය මහේෂි විජේරත්න මහත්මිය පසුගිය ජුනි 17 වැනිදා සිට රක්ෂිත බන්ධනාගාරගතව සිටියේ ය.
ඒ අනුව අද දින සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අධිකරණය හමුවේ සිදු කළ ඇප ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සැකකාරිය ඇප මත මුදා හැරීමට නියෝග කළේ ය.
නඩුව ඔක්තොබර් 28 යළි කැඳවීමට නියමිතයි.