.webp)
විෂය භාර අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා සඳහන් කළේ, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම, වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදීමට රාජ්‍ය නිලධාරීන්ට දී තිබූ කාලය, ජුනි 30 වැනිදායින් අවසන් වූ බවයි.
එම කාලසීමාව තුළ අදාළ ප්‍රකාශ ලබා නොදුන් විධායක සහ මාණ්ඩලික ශ්‍රේණිවල නිලධාරීන්ට දින 14 ක් ඇතුළත ඒවා ලබාදෙන්නැයි අවවාදාත්මක ලිපි යොමු කර තිබුණි.
අමාත්‍යවරයා සඳහන් කළේ, එම කාලසීමාව ඊයෙන් වූ බවයි.
මෙතෙක් වත්කම් බැරකම් ප්‍රකාශ නොදුන් නිලධාරීන්ගේ ලැයිස්තුව රාජ්‍ය ආයතන ප්‍රධානීන් අල්ලස් කොමිසමට භාර දිය යුතු ය.
ඒ අනුව අද සිට අදාළ රාජ්‍ය නිලධාරීන්ගෙන් දඩ අය කර ගැනීමට නියමිතයි.
ඒ යටතේ මූලික වැටුපෙන් එක් දිනකට තිහෙන් එක බැගින් කප්පාදු කරන බව, අමාත්‍ය චන්දන අබේරත්න මහතා පැවසුවේ ය.
2025 මාර්තු 31 වැනිදා දක්වා වන වාර්ෂික වත්කම් බැරකම් ලේඛණ, එලෙස අල්ලස් කොමිසමට කැඳවා තිබුණි.
අමාත්‍ය චන්දන අබේරත්න මහතා සඳහන් කළේ, සෙසු රාජ්‍ය සේවකයින්ගෙන් ද, ඉදිරියේදී වත්කම් බැරකම් ප්‍රකාශ කැඳවීමට අල්ලස් කොමිසම සැලසුම් කර ඇති බවයි.