.webp)
එහි මුළු ප්‍රතිව්‍යූහගත ණය වටිනාකම සෞදි රියාල් පනස් එක්කෝටි හැට නව ලක්ෂ පනස් එක්දහසකට අධිකයි.
ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය හර්ෂන සූරියප්පෙරුම මහතා ගිවිසුම් අත්සන් කළ අතර සෞදි අරාබි පාර්ශ්වය වෙනුවෙන් සෞදි සංවර්ධන අරමුදලේ ප්‍රධාන විධායක නිලධාරී සුල්තාන් අබ්දුල්රහ්මාන් ඒ අල්මර්ෂාඩ් මහතා ගිවිසුමට අත්සන් කර තිබේ.
මුදල් අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ වත්මන් විදේශ ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලියට අදාලව සෞදි සංවර්ධන අරමුදල සමග ද්විපාර්ශ්වික සංශෝධන ණය ගිවිසුම් අත්සන් කිරීම ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ වැදගත් සන්ධිස්ථානයක් බවයි.
ආර්ථික වශයෙන් අභියෝගාත්මක තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාව විදේශ ණය ආපසු ගෙවීම අත්හිටුවීම ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුවද මෙරටට අඛණ්ඩව ණය මුදල් ලබාදෙමින් සෞදි අරාබි රාජ්‍ය වැදගත් කාර්යභාරයක් ඉටු කළේ ය.