.webp)
පොලිසිය පැවසුවේ අද පස්වරුවේ දූරියන් වගාව සහිත වත්තකට පුද්ගලයින් දෙදෙනෙකු පැමිණි, එහි මුරකරුගෙන් දූරියන් ඉල්ලා ඇති බවයි.
අදාළ පුද්ගලයින් දෙදෙනා සහ මුරකරු අතර බහිස්බස්වීමක් සිදුව ඇති අතර එම අවස්ථාවේදී එක් පුද්ගලයෙකු විසින් මුරකරුට තියුණු ආයුධයකින් පහරදීමට උත්සහ දරා ඇති බව පොලිසිය පවසයි.
පොලිසිය පැවසුවේ, එම අවස්ථාවේදී මුරකරු විසින් වෙඩි තැබීම සිදුකර ඇති බවයි.
වෙඩි වැදීමෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 20ක පමණ පුද්ගලයෙක්.
වෙඩි තැබීම සිදුකළ මුරුකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය ප්‍රකාශ කළේ ය.
මේ අතර වෙඩි තැබීමෙන් පසු ප්‍රදේශවාසීන් සහ පොලිසිය අතර උණුසුම් තත්ත්වයක් ඇතිවූයේ වෙඩි වැදී සිටි පුද්ගලයා රෝහල් ගත කිරීමට ප්‍රමාද වූ බව පවසමින්.