.webp)
අන්තර්ජාතික පරමාණුක බලශක්ති නියෝජිතායතනයේ විශේෂඥයින්ගේ සහභාගීත්වයෙන් ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ මෙහෙයවීමෙන් මෙම සමුළුව අද සිට 18 වැනිදා දක්වා පැවැත්වෙනු ඇති.
බලශක්ති අමාත්‍යාංශය නිවේදනය කළේ, මෙරට න්‍යෂ්ටික බලශක්ති සැලසුම් හා ක්‍රියාත්මක වීම රටේ දීර්ඝකාලීන බලශක්ති ආරක්ෂාව, විදුලිබල නිෂ්පාදනය සඳහා ඉතා වැදගත් පියවරක් ලෙස දැක්විය හැකි අතර, න්‍යෂ්ටික බලශක්ති ක්ෂේත්රයේ පාලනය, නියාමනය, ආරක්ෂාව සහ තාක්ෂණික පුහුණුව යන අංශයන්ට විශේෂ අවධානය යොමු කරමින්, ජාත්‍යන්තර සහයෝගිතාව හා දැනුම් හුවමාරුවද මේ සමුළුවේදී සලකා බලනු ඇති බවයි.
මෙම සමුළුව තුළ නව තාක්ෂණික ප්රවණතා, පාරිසරික හා සමාජ බලපෑම්, ආර්ථික ප්රතිලාභ, කාර්ය සාධනය, නීතිමය හා නියාමන පද්ධති, සහ ජනතා විශ්වාසය වර්ධනය කිරීම පිළිබඳව විශේෂ සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ.
මෙම අවස්ථාව සඳහා අන්තර්ජාතික පරමාණුක බලශක්ති නියෝජිතායතනයේ නියෝජිතයින් ද සහභාගි වීමට නියමිතයි.